Notes
ලංකා ගුවන්විදුලියේ ප්රභවය
ලංකා වයර්ලස් සමාජය නමැති සංගමය ප්‍රථම වරට පිහිටුවීම සිදු කෙරෙනුයේ 1922 වසරේ දීය. ජුනි මාසයේ පිහිටුවා ගත් එම සංගමයේ සාමාජිකයන් අතර ඒ. ඊ. හොල්සිංගර්, එම්.එස්. රොක්වුඩ්, ආර්. එෆ්. ඩයස්, එම්. එම්. පී. ගුණවර්ධන, සී. ඒ. හට්සන්, ඡේ. එන්. ඩින්විඩි, ඡේ. එෆ්. ජොලිෆ් සහ එල්. මැක්රේ වඩාත් කැපී පෙනුණි. 1923 ජූලි මාසය වන විට සංගමයේ නාමය 'ලංකා ආධුනික රේඩියෝ සමාජය' ලෙසින් වෙනස් කෙරුණි. ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ රේඩියෝ සමාජය බවට පත් වූයේ ද මෙම ආධුනික රේඩියෝ සමාජයයි. මෙම සමාජ මගින් ඇති වූ උනන්දුව මත ගුවන්විදුලිය ප්‍රචාරය ඇරඹීම උදෙසා බලපත්‍රයක් රජයෙන් ඉල්ලා සිටීමත් සිදු වූයේ මෙම පසුබිම තුළය. පහත දැක්වෙන කරුණු පරීක්ෂා කර බලා වාර්තා කිරීමට තැපැල්පතිතුමාගේ සභාපතිත්වයෙන් යුක්ත කමිටුවක් පත් කරනුයේ ද මෙම තත්ත්වය තුළය.
1. ලංකාවේ ගුවන්විදුලි ප්‍රචාරක් කටයුතු ඇරඹිය යුතුද යන වග
2. එසේ නම් එය ඇරඹිය යුත්තේ රජය මගින් ද ? නොඑසේ නම් පෞද්ගලිකව ද ?
3. පෞද්ගලිකව නම් බලපත්ර් නිකුත් කළ යුත්තේ එක් සමාගමකට ද ? නොඑසේනම් සමාගම් කිහිපයකට ද ?
4. ගුවන්විදුලි කටයුතු පාලනය කිරීමට මණ්ඩලයක් පත් කළ යුතු ද ? එසේ නම් එය තෝරාගත යුත්තේ කෙසේ ද ?
කොහොම නමුත් මෙරට තුළ ගුවන්විදුලි ප්රචාරක කටයුතු පෞද්ගලික සමාගමකට ලබාදීමට රජය කැමති නොවීය. එවැන්නක් ඇරඹිය යුත්තේ තැපැල් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුව යටතේ යන්න රජයේ මතය විණි.
දකුණු අප්‍රිකාව , ප්‍රංශය, ජර්මනිය වැනි රටවල ගුවන්විදුලි ප්‍රචාරය ඇරඹුවේත්, එම රටවල තැපැල් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුව යටතේය. එවකට ලංකා තැපැල් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරුවරයා වූ එඩ්වඩ් හාපර් මහතා ගුවන්විදුලි transmitter සම්ප්‍රේෂක යක් සෑදීම අරඹනුයේ මෙම පසුබිම තුළය. එහිදී ඔහුට බෙනට් විඡේතිලක, ඒ. නඩරාජා වැනි ලාංකීය ඉංජිනේරුවන්ගේ සහාය ද උපරිමයෙන් ලැබුණි.
ලංකාවේ ගුවන්විදුලි ප්‍රචාරය ඇරඹුණේ කෙදිනක ද යන්න නිශ්චිතව කිව නොහැකිය යන්න කොළඹ ගුවන්විදුලියේ පුරෝගාමී චරිතයක් වූ ඩී. එම්. කොළඹගේ මහත්මා සිය 'ගුවන්විදුලි වංශය' කෘතියේ සඳහන් කරයි.
කොහොම නමුත් වාර්තාගත වී ඇති ආකාරයට එය ආරම්භ කෙරෙනුයේ 1924 ජුනි මාසයේ දීය. 1924 ජුනි 27 වෙනි දා එවක අග්රාුණ්ඩුකාර ශ්‍රී මත් විලියම් හෙන්රි මැනිං, ලංකා ඉංජිනේරු සංගමය වෙත පණිවුඩයක් නිකුත් කළ බවත්, එය විසුරුවා හරින ලද්දේ මධ්යපම විදුලි සංදේශ කාර්යාලයේ සවි කරන ලද ට්රායන්ස්මීටරයක් ඔස්සේ බවත් වාර්තා ගත වී තිබේ. එතැන් සිට අත්හදා බැලීම් වශයෙන් බ්රයහස්පතින්දා සහ ඉරිදා දිනවල සතියකට දෙවරක් වැඩසටහන් විසුරුවා හරින ලදී. පැරණි ග්රැ මෙෆdaන් යන්ත්රහයක් ක්රිසයා කර, එය ඉදිරියේ මයික්රොාෆෝනයක් තැබීම එම ආරම්භක යුගයේ සිරිත වූ බවත් කොළඹගේ මහත්මා පෙන්වා දෙයි.
ගුවන්විදුලි ප්රොචාරක ක්ෂේත්‍රෙයෙන් ලංකාවට කරුණු කිහිපයකින් පළමුවැන්නා වීමේ ගෞරවය හිමි වෙයි.
1. ගුවන්විදුලි ප්රිචාරක කටයුතු ඇරඹූ ප්‍රථම බ්‍රිතාන්‍ය යටත්විජිතය
2. බ්වරිතාන්ය අධිරාජ්යරය තුළ ස්ථාපිත කෙරුණු ප්‍රථම රජයේ ගුවන්විදුලි මධ්යවස්ථානය වීම
3. උසස් තත්ත්වයේ වැඩසටහන් විසුරුවා හළ පෙරදිග ප්‍රථම ගුවන්විදුලි ප්රදචාරක මධ්යැස්ථානය වීම
4. ආසියාවේ ප්‍ර ථම ගුවන්විදුලි ප්රුචාරක මධ්යරස්ථානය වීම.
කොහොම නමුත් අත්හදා බැලීම් කටයුතු සම්බන්ධයෙන් සෑහීමකට පත්වීමට හැකිවීම මත ගුවන්විදුලි ප්රමචාරක උපකරණ මිලදී ගැනීම උදෙසා රු. 9000/- ක මුදලක් ලබාදීමට ඉංගී්රඋසි පාලනය පියවර ගනුයේ ද මෙම පසුබිම තුළය. එසේ ලබාගන්නා ලද උපකරණ 1925 සැප්තැම්බර් මාසයේ ලංකාවට ලැබීම නිසා ඒවා කඩිනමින් සවිකර එවක ලංකාවේ ආණ්ඩුකාරවරයාව සිටි ශ්රීමමත් හියු ක්ලිෆර්ඩ් මහතා අතින් ප්රේචාරක මධ්යකස්ථානය විවෘත කෙරුණි. එම තත්ත්වය තුළ ලංකාවේ ගුවන්විදුලි ප්රමචාරක කටයුතු ආරම්භ කෙරුණු නිල දිනය ලෙසින් සැලකෙනුයේ ක්රිරස්තු වර්ෂ 1925 දෙසැම්බර් 16 වෙනි දාය.
ඒ අනුව මධ්යෙම විදුලි සංදේශ කාර්යාලයේ විකාශන මැදිරියක් ද ගොඩනගා දිනපතා ගුවන්විදුලි වැඩසටහන් ප්රරචාරක කටයුතු ආරම්භ කළේය. ප්රවථම වැඩසටහන්වලට බටහිර සංගීතය, කාලගුණ වාර්තාව, මහාමාර්ග පිළිබඳ වාර්තාව හා වෙළෙඳ තොරතුරු ද ඇතුළත් කෙරිණි. වැඩසටහන් විස්තර ඇතුළත් ප්රතථම ප්රතකාශනය 1926 නොවැම්බර් 29 වෙනි දින රජයේ මුද්ර්ණාලයේ මුද්රරණය කර නිකුත් කරන ලද්දේ වාර්ෂික දායකත්ව ගාස්තුව රු. 1.50 ක මුදලකටය. එම මුදල තැපැල් ගාස්තු වශයෙන් පමණක් අය කෙරිණි. 1925 ජූලි මාසයේ සිට ගුවන්විදුලි බලපත් පිළිබඳ වාර්තා තබා ඇති අතර එම මාසයේ නිකුත් කරන ලද බලපත් සංඛ්යාිව 129 කි. එය දෙසැම්බර් මාසය වන විට 176 දක්වා වර්ධනය වී තිබුණි. ගුවන්විදුලි වැඩසටහන් නිර්මාණය කිරීමේ වගකීමක් පැවරුණේ විදුලි සංදේශ ඉංජිනේරු අංශයට ම වීමත් සුවිශේෂ කාරණයකි.
අලුතෙන් සවි කරන ලද උපකරණ තුළින් නව ගුවන්විදුලි ප්රංචාරක මධ්යෙස්ථානයේ කටයුතු සාර්ථකත්වයක් පෙන්නුම් කිරීම මත 1926-27 මුදල් වර්ෂය උදෙසා තවත් රු. 3000/- ක මුදලක් ලබාදීමට රජය කටයුතු කළේය. කොහොම නමුත් 1926 දෙසැම්බර් මාසය නිමා වන විට ගුවන්විදුලි බලපත් හිමිකරුවන් සංඛ්යාරව 448 ක් වූ අතර එම වසර තුළ ප්රනචාරය කෙරුණු වැඩසටහන් සංඛ්යායව 968 ක් වෙද්දී ප්‍රරචාරය වූ කාලය පෑ 820 ක් වශයෙන් ලේඛනගත වී ඇත.
ප්රයචාරය සඳහා නාට්‍ය ලබාගැනීම බ්රි තාන්ය ගුවන්විදුලි ප්රරචාරක මධ්‍ය ස්ථානයෙන් 1927 දී සිදු කළ අතර එහි ප්රයථම නාට්යන වූයේ 'වයර්ලස් ඩ්රාෙමා (උසරුකැss Dර්ප්) නමැති නාට්යූයයි. එම නාට්‍ය පිටපත නිෂ්පාදනය කරන ලද්දේ ඡේ. එස්. එම්. පැටර්සන් මහතාගේ ප්රපමුඛත්වයෙන් ක්රිෙයාත්මක වූ සී. ඒ. ඩී. සී. සංගමය හෙවත් (ඤකදපඉද Aප්එeමර Dර්ප්එසජ Cකමඉ) නමැති සංගමය මගිනි.
ප්රපථමයෙන් ඊට සහභාගි වූ ශිල්පීන් අතර වෛද්යුවරුන් වන ජෝසප් පියර්සන්, ආර්. එල්. ස්පිට්ල්, එන්. නිකල්ස්, කේ. සී. වුඩ්ස්, බ්‍ර යන් එලිසන් හා මහාචාර්ය ආර්. ආර්. බර්ට් වඩාත් කැපී පෙනුණි. 1927 මැයි මාසයේ දී ක්රීභඩා තොරතුරු ප්රදචාරය කිරීම ඇරඹිණි. එම වසරේ දී ම ප්ර්වෘත්ති ප්රරචාරයත් ඇරඹූ බව වාර්තාගත වී තිබේ.
එම යුගයේ ප්‍රරචාරය කළ වැඩසටහන් කාලයෙන් 10% ක් පෙරදිග වැඩසටහන් උදෙසා වෙන් කෙරිණි. ඊට සිංහල, හින්දුස්ථානී හා කර්ණාට සංගීතය ද ඇතුළත් වූ අතර 1927 දී ප්ර්ථම සජීවී සිංහල සංගීතමය වැඩසටහන ප්රළචාරය කළ කණ්ඩායමේ නායකත්වය දැරුවේ එම්. ජී. පෙරේරා මහත්මාය. ඉන් අනතුරුව සිංහල සංගීතමය වැඩසටහන් ඉදිරිපත් කළ ශිල්පීන් අතර කේ. සාදිරිස් සිල්වා, එච්. ඩබ්. රූපසිංහ මාස්ටර්, කෝකිල දේවී, එච්. දොන් වින්සන්ට්, එම්. කේ. වින්සන්ට්, ග්රේසටා ජෙනට් ද සිල්වා, ආනන්ද සමරකෝන්, ඒ. ආර්. එම්. ඊබ්‍ර,හිම් ආදීහු වඩාත් කැපී පෙනුණහ.
ඒවාගේම මුල් යුගයේ ගුවන්විදුලි නාට්යර ඉදිරිපත් කළ ශිල්පීන් අතර ටී. වී. එඩ්වින් පෙරේරා, සී. ඒ. ෆෙdන්සේකා, ආනන්ද සරත් විමලවීර යන අයත්, මීගමුවේ මිනර්වා නාට්යෙ සංගමයත් කැපී පෙනුණි.
මුල් යුගයේ දෙමළ වැඩසටහන් ඉදිරිපත් කළ ශිල්පීන් අතර වඩාත් කැපී පෙනුණේ කෝකිල දේවී, වී. රෙට්නම්, කේ. වී. කුරුක්කල්, ශ්‍රී කාන්ති පොන්නම්බලම්, පද්මිණී හා නාගම්මා කාරාලසිංහම්, රාඡේශ්වරී හා නාගේෂ්වරී සබාරත්නම්, ගෞරී ත්යාාගරාජා, මනෝ රංජිතම් කන්දයියා යන අයයි.
හින්දුස්ථානී ගායන ක්ෂේත්රපයේ දී කෝකිල දේවී, මොහිදීන් බෙග්, සී. ආර්. මහරාජා හා මොහමඩ් ගවුස් වඩාත් කැපී පෙනුණි. කපිරිඤ්ඤා ගායන ඉදිරිපත් කළ අය වූයේ ලුවී සිග්ලර් හා නෝබට් රුද්රිුගුය.
එවක භාරතයේ සුපතළ ගායන ශිල්පිනියක වූ ලලිතා වෙන්කටරාම් ලංකා ගුවන්විදුලිය ඔස්සේ දෙවරක්ම ගායන ඉදිරිපත් කළාය. ප්රාථමයෙන් 1935 ජුනි 22 දා එසේ ගායනා ඉදිරිපත් කළාය.
බටහිර සංගීත ශිල්පීන් ගායන, වාදන වශයෙන් දෙකොටසකට බෙදා දක්වා නොතිබූ අතර හැලොක් ආනන්දරාජා, රොබට් ගත්රි, ලෝනා ටේලර්, හියුබට් රාජපක්ෂ, නොයෙල් ගුණසේකර, ක්ලෙයාර් ආර්නෝල්ඩ්, එස්මී ජෝසප්, අයිරීන් හන්ටර්, තෙල්මා කායි, ඩග්ලස් ද අල්විස්, දේවාර් සූර්යසේන කැපී පෙනුණි. වාදන ශිල්පීන් අතර මැඩ්ලින් ඩී. සිල්වා, ඕඩ්රි ධර්මකීර්ති, බෙරිල් බර්තොලමියුස්, මාජරී පොලියර්, අයිරිනී සන්සෝනි, කොන්රඩ් මාටිනස් ද වඩාත් කැපී පෙනුණි.
1927 වසරත් ලංකා ගුවන්විදුලි සේවයට කඩඉම් වසරක් විණි. 1927 නොවැම්බර් 11 දා බ්රිසතාන්යවයේ වේල්ස්හි කුමාරයා ලන්ඩනයේ රාජකීය ඇල්බට් ශාලාවේ දී පැවැත්වූ දේශනයක් ලංකා ගුවන්විදුලි සේවය ඔස්සේත් ප්රශචාරය කිරීම එකී සුවිශේෂ කඩඉම් සිද්ධිය විණි. 1930 ජනවාරි මාසයේ දී කොළඹ කාර්මික විද්යාේලයේ පැවැති ගුවන්විදුලි යන්ත්‍ර ප්රේදර්ශනය විශාල ජනකායකගේ ආකර්ෂණය දිනාගැනීමට සමත් විණි.
ලංකා ගුවන්විදුලියේ මුල් සමය නියෝජනය කළ නිවේදක නිවේදිකාවන් දකුණු ඉන්දියාවේ පවා ජනප්රළසාදය දිනාගැනීමට සමත් වූ බව ලංකා ඉතිහාසයේ දැක්වේ. ඒ අතර ඉංගී්ර්සි මාධ්යු නිවේදක නිවේදිකාවන් අතර ආර්.ආර්. ඇන්ඩර්සන්, අයි. බී. ද ක්රෙඇට්සර්, පර්ල් ද සිල්වා, සී. ඊ. හෙට්ටිආරච්චි, කෙනත් ද පින්තු, එල්. ආර්. විඡේමාන්න, ඔල්ගා ද සොයිසා වඩාත් කැපී පෙනුණි. සිංහල මාධ්යං නිවේදක නිවේදිකාවන් අතර වඩාත් කැපී පෙනුණේ ඩී. එම්. කොළඹගේ, මෝසෙස් ඩබ්. ප්රනනාන්දු, ඩී. ටී. එල්. ගුරුගේ, කරුණාරත්න අබේසේකරයන්ය. එම යුගය නියෝජනය කළ දමිළ මාධ්‍යද නිවේදක නිවේදිකාවන් අතර එස්. නඩරාජා, එස්. සිවපාදසුන්දරම්, වී. එන්. බාලසුබ්රවමනියම්, එස්. කුන්චිතපාදන් වඩාත් ප්රවචලිත වූහ.
බ්‍රිතාන්‍ය පාලන යුගයේ එම අවශ්යුතා වෙනුවෙන් ගොඩනැගූ ලංකා ගුවන්විදුලියේ මවුබස වූයේ ඉංගී්රාසි භාෂාවම විය. සිංහල මාධ්යඩ වැඩසටහනක් ප්‍රචාරය කිරීමට වසර දෙකක් ම බලා සිටීමට සිදුවනුයේ ද එම පසුබිම තුළය. ඒ ආකාරයට ප්‍රථම සිංහල මාධ්යප කථාව ප්‍රචාරය කිරීමේ ගෞරවය හිමිවනුයේ බම්බලපිටියේ වජිරාරාමාධිපතිව වැඩ විසූ පැලෑනේ සිරි වජිරඥාන නාහිමිපාණන් හටය. එය සිදු කෙරුණේ 1928 අප්රේවල් 21 දාය. වසර දශක දෙකකට ආසන්න කාලයක් උන්වහන්සේගේ ධර්ම දේශනාමය වැඩසටහන් ලංකා ගුවන්විදුලිය ඔස්සේ ප්‍රචාරය කෙරිණි. 1940 දී මහාමාර්ග අමාත්යනවරයාව සිටි ශ්රීඋමත් ජෝන් ලයනල් කොතලාවල මහතා පූජ්යි වජිරඥාන හිමියන්ට උන්වහන්සේගේ ආවාසය තුළ සිට දහම් දෙසුම් ගුවන්විදුලිය ඔස්සේ ප්‍රචාරය කිරීමට පහසුකම් සලසා දීමත් සුවිශේෂ කාරණයකි. සතර පෝය දින ධර්ම දේශනා ප්‍රචාරයය කිරීම ඇරඹෙණුයේ 1929 ජනවාරි මාසයේ දීය.
මුල් යුගයේ දී ප්‍රචාරය කළ කථා රජයේ දෙපාර්තමේන්තුවලට ම සීමා කෙරිණි. පොලිස්, අධ්‍යාපන, සෞඛ්‍ය දෙපාර්තමේන්තු ඒ අතර පුරෝගාමී වූ අතර එම කථා ප්‍රචාරය කිරීම ඇරඹෙණුයේ 1928 වර්ෂයේ දීය.
මේ අතර ප්‍රධාන ඉංජිනේරු තැන විසින් 1931 සැප්තැම්බර් 9 දින තැපැල්පතිවරයාට යෑවූ ලිපියක් මගින් යෝජනා කළේ වැඩසටහන් සම්පාදනය කිරීමේ ක්රිියාවලියේ වෙනසක් කිරීමට උචිත කාලය එළඹ ඇති බවයි. ඒ අනුව 1932 දී ලංකා ගුවන්විදුලි උපදේශක සභාවක් ස්ථාපිත කෙරුණි. එහි මංගල රැස්වීම 1932 නොවැම්බර් 21 දින ගුවන්විදුලි කාර්යාලය තුළ දීම පැවැත්වුණි. එහිදී සිංහල අසන්නන් වෙනුවෙන් පත් කළ එකම නියෝජිතයා වූයේ නීතිඥ චාල්ස් ඩයස් සූරීන්ය.
1932 දක්වා ම ප්‍රධාන ඉංජිනේරු ධුරය හෙබ වූ හාපර් මහතා විශ්‍රාම ගැනීමෙන් පසුව එම තනතුරට පත්වූ ඡේ. ෂිලිටෝ මහතා 1937 දක්වාම උපදේශක සභාවේ සභාපති ධුරය ද හෙබවීය.
මේ අතර පස්වෙනි ජෝර්ඡ් රජුගේ රිදී ජුබිලි උත්සවය පැවැත්වූ 1935 වසර ලංකාවේ ගුවන්විදුලිය සේවයටත් වසර 10 ක් සපිරිණි. ඒ අනුව එම උත්සවය කොළඹ ටොරින්ටන් චතුරශ්රසයේ දී පැවැත්වූයේ 1935 දෙසැම්බර් මස 16 වෙනි දාය. ඒ වන විට ගුවන්විදුලි බලපත්ලාභීන්ගේ සංඛ්‍යාව 3053 ක්ව තිබිණි.
1930 මැදභාගය වනතුරුම වැඩසටහන් විකාශනය කරන ලද්දේ මීටර් 800 ඔස්සේ වූ අතර වොෂින්ටන් නුවර පවත්වන ලද සමුළුවක දී ගත් තීරණයක් මත 1930 මැද භාගයෙන් පසුව ලංකා ගුවන්විදුලියේ වැඩසටහන් විසුරුවා හැරීම සිදු කෙරුණේ මීටර් 428.5 ඔස්සේය. ඒ දක්වාම ගුවන්විදුලි මධ්යුස්ථානයට හිමිව තිබුණේ මධ්‍යම තරංග ඔස්සේ ක්‍රියා කරන එක් කිලෝවොට් ට්‍රාන්ස්ෆෝමරයක් පමණි.
Reviewer:
Nishanatha
-
-
May 4, 2020
Subject:
General
Song: Lo ambalame indala yanava
Movie: Jeewitha satana (1957)
Original Artist: Jikki amma
Music: S. Wedachalam
Lyrics: D. T. Fernando
Song: Mata Aloke Genadevi
Original Artist :Jikki
Movie :Aiyai Malli (1957)