සියළුම ජන වර්ගයන්ට අයත් ශ්‍රී ලාංකිකයන්ට සිය ප්රජාතාන්ත්රීය
හා සාමුහික සංස්කෘතික අයිතීන් සාමයෙන් භුක්තිවිඳීමට
ඉඩ සලසන සමාජයක් ගොඩ නැගීමට අපේ කැපවීම
පිලිබිමු
කිරීමක් වශයෙන් 1986 මැයි 1 දා මේ ප්‍රසංගය එලි දැක්වීමු. 1986 පළවෙනිදා ‘නිදි නැති නදියේ නාදය’ ප්‍රසංගය ඉදීරිපත් කළ මහජන වේදිකාව වූ කලී තරුණ සංස්කෘතික කණ්ඩායමක් වූ අතර එහි විජිත ගුණරත්න , සුනිලා අබේසේකර , සුනිල් විජේසිරිවර්ධන , රෙඩ්ලි සිල්වා , රංජිත් පෙරේරා ආදීහු සමාරම්භක වශයෙන් ක්‍රියාත්මක වූහ. මෙම ඓතිහාසික ප්‍රසංගයේ නිර්මාණ කටයුතු සඳහා සංගීත, රංග කලා හා දෘෂ්‍ය කලා ක්ෂේත්රවල කලාකරුවන් හැටදෙනෙක් පමණ සහභාගි වූහ. මේ පිරිසෙන් බහුතරයක් ස්වේච්ඡා මට්ටමින් මේ ප්‍රසංගය උදෙසා සිය දායකත්වය ලබා දුන් බව සිහිකටයුතුය. මෙම දැවන්ත කාර්යය සාර්ථක කරගැනීම සඳහා ‘ජාතීන් අතර යුක්තිය හා සමානත්වය සඳහා වූ ව්‍යාපාරය ( මර්ජ් ව්‍යාපාරය ) මහජන වේදිකාවට සිය උපරිම සහයෝගය ලබා දුන් බවද සඳහන් කළ යුතුය.