මජ්ජිම නිකාය යනු පුරා සතලිස් පස් වසරක් ලෝකයාගේ විමුක්තිය පිණිස
දේශනා කල බුද්ධ භාෂිතය අඩංගු වන ත්‍රිපිටකයේ
දෙවන එකතුවයි. පළමු සංගායනාවේ දී මතකයේ
තබාගැනීමේ කට පාඩම් කිරීමේ පහසුව පිණිස කල වර්ගීකරනයෙදී දීර්ඝ දේශනා දීඝ නිකාය
ලෙසත් මධ්‍යම ප්‍රමාණයේ දේසනා මජ්ජිම නිකාය ලෙසත් වර්ගී කරණය කෙරුණි.
මජ්ජිම නිකාය සූත්‍ර 152 කින් සමන්විතයි. මේවා සුත්‍ර පනහේ කොටස් තුනකට බෙදා ඇත. මුල පන්නාසකය, මජ්ජිම පන්සනාකය සුත්‍ර 50 බැගින් අඩංගු වේ
ඉතිරි 52 උපරි පන්සනාකය වේ. සෑම පන්සනාකයක් ම සුත්‍ර දහය බැගින් නැවතත් "වග්ග" ලෙස වෙන් කර ඇත්තේ දේශනා කල ශ්‍රාවකයන් හෝ අඩංගු
ධර්ම කාරනා වලට අනුවය.
බහුතරයක් සූත්‍ර. භාග්‍යවතුන් වහන්සේම භික්ෂුන් අමතා දේශනා කල අතර
අතලොස්සක් සුත්‍ර සාරිපුත්ත , මොග්ගල්ලාන ආනන්ද ආදී ජේෂ්ඨ භික්ෂුන් වහන්සේලා දේශනා
කල ඒවාය. ඒ සියළු භාෂිතයන් භාග්‍යවතුන් වහන්සේ විසින් අනුමත කොට පිළිගෙන ඇති නිසා
ඒවා ද බුද්ධ භාෂිත සේ පිළිගැනේ. පුජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින්වහන්සේ ගේ ශිෂ්‍ය ස්වාමින්වහන්සේලා විසින් මජ්ජිම නිකායේ සියලු සුත්‍ර විවරණ ඉදිරිපත් කිරීමට කල උතුම් ව්‍යායාමයේ ප්‍රතිඵලය ලෙස මේ සුත්‍ර ධර්ම විවරණ මෙසේ ඉදිරිපත් කරමු.
READ SUTTAS IN SINHALA
CLICK