“ඇවැත්ති , මම භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද, විස්තර වශයෙන් අර්ථය විභාග නොකරන ලද මේ උද්දේසයෙහි අර්ථය මෙසේ විස්තර වශයෙන් දැන ගනිමි. කෙසේ ද, ඇවැත්නි, ගියකල ( අතීතය ) ලුහුබඳීන්නේ ?
අතීත කාලයෙහි මෙසේ මාගේ ඇස විය, මෙසේ රූපයෝ වූහයි එහි විඥානය චන්දරාග වශයෙන් බැඳුණේ වෙයි. විඥානයාගේ ඡන්ද රාග වශයෙන් බැඳීම නිසා එහි වෙසෙසින් සතුටුවෙයි. එහි වෙසෙසින් සතුටුවන්නේ ගියකල ලුහුබඳියි. අතීත කාලයෙහි මෙසේ මාගේ කණ විය. මෙසේ ශබ්දයෝ වූහයි ...
“ මෙසේ මාගේ නාසය විය, මෙසේ ගන්ධයෝ වූහයි....මෙසේ මගේ දිව විය, මෙසේ රසයෝ වූහයි ..... මෙසේ මාගේ කය විය, මෙසේ ස්ප්‍රෂ්ටව්‍යයෝ වූහයි..... මෙසේ මාගේ මනස විය. මෙසේ ධර්මයෝ වූහයි , එහි විඥානය ඡන්දරාග වශයෙන් බැඳුණේ වෙයි. විඥානයාගේ චන්දරාග වශයෙන් බැඳීම නිසා එහි වෙසෙසින් සතුටුවෙයි. එහි වෙසෙසින් සතුටුවන්නේ ගියකල ලහුබඳියි.<>“ කෙසේ ද, ඇවැත්ති, ගියකල නොලුහුබදින්නේ ? අතීතකාලයෙහි මෙසේ මාගේ ඇස විය. මෙසේ රූපයෝ වූහයි. එහි විඥානය ඡන්දරාග වශයෙන් බැඳුණේ නො වෙයි. විඥානයාගේ ඡන්දරාග වශයෙන් නොබැදීම නිසා එහි වෙසෙසින් සතුටු නො වෙයි. එහි වෙසෙසින්සතුටු නොවන්නේ ගියකල නොලුහුබඳියි. අතීත කාලයෙහි මසේ මාගේ කණ විය. මෙසේ ශබ්දයෝ වූහයි..... නාසය .... ගන්ධයෝ .... දිව ..... රසයෝ ..... කය ...... ස්ප්‍රෂ්ටව්‍යයෝ ...... මෙසේ මාගේ මනස විය. මෙසේ ධර්මයෝ වූහයි, එහි විඥානය ඡන්දරාග වශයෙන් නොබැඳීම නසා එහි වෙසෙසින් සතුටු නො වෙයි. වෙසෙසින් සතුටු නොවන්නේ ගිය කල නොලුහුබඳියි
“ කෙසේ ද, ඇවැත්නි, මතුකල පතන්නේ ?
අනාගත කාලයෙහි මෙසේ මාගේ ඇස වන්නේ ය. මෙසේ රූපයෝ වන්නාහයි නොලත් දෙය ලැබීම පිණිස සිත පිහිටුවාලයි: සිත පිහිටුවාලීම නිසා එහි වෙසෙසින් සතුටුවෙයි. එහි වෙසෙසින් සතුටුවන්නේ මතුකල පතයි: අනාගත කාලයෙහි මෙසේ මාගේ කණ වන්නේ ය. මෙසේ ශබ්දයෝ වන්නාහයි ..... නාසය ..... ගන්ධයෝ ...... දිව ....... රසයෝ ........ කය ........... ස්ප්‍රෂ්ටව්‍යයෝ ...... මෙසේ මාගේ මනස වන්නේ ය, මෙසේ ධර්මයෝ වන්නාහයි නොලත් දෙය ලැබීම පිණිස සිත පිහිටුවාලයි. සිත පිහිටුවාලීම නිසා එහි වෙසෙසින් සතුටු වෙයි. එහි වෙසෙසින් සතුටු වන්නේ මතු කල පතයි. මෙසේ ය. ඇවැත්නි, මතුකල පතන්නේ,‘ කෙසේ ද, ඇවැත්නි මතු කල නොපතන්නේ ? අනාගත කාලයෙහි මසේ මාගේ ඇස වන්නේ ය, මෙසේ රූපයෝ වන්නාහයි නොලත් දෙය ලැබීම පිණිස සිත නො පිහිටුවයි: සිත නොපිහිටුවීම නිසා එහි වෙසෙසින් සතුටු නො වෙයි. එහි වෙසෙසින් සතුටු නො වන්නේ මතුකල නො පතයි. අනාගත කාලයෙහි මෙසේ මාගේ කණ ....... ශබ්දයෝ .......... නාසය ......... ගන්ධයෝ ............ දිව ...... රසයෝ ............ කය ....... ස්ප්‍රෂ්ටව්‍යයෝ ............ මෙසේ මාගේ මනස වන්නේ ය, මෙසේ ධර්මයෝ වන්නාහයි නොලත් දෙය ලැබීම පිණිස සිත නො පිහිටුවයි. සිත නොපිහිටුවීම නිසා එහි වෙසෙසින් සතුටු නො වෙයි. එහි වෙසෙසින් සතුටු නොවන්නේ මතුකල නො පතයි. මෙසේ ය, ඇවැත්ති, මතුකල නොපතන්නේ ““ කෙසේ ද ඇවැත්නි, එළැඹුණු දේ වෙතට අදිනු ලබන්නේ ? ඇවැත්නි, යම් ඇසක් වේ ද, යම් රූපයෝ වෙත් ද, මෙදෙක ම එළැඹුණු ( වර්තමාන ) දේය. මේ දෙක එළැඹුණු කල්හි විඥානය ඡන්දරාගයෙන් බැඳුණේ වේ ද, විඥානය ඡන්දරාගයෙන් බැඳුණෙන් එහි වෙසෙසින් සතුටුවෙයි. එහි වෙසෙසින් සතුටුවන්නේ එළැඹුණු දේ වෙතට අදිනු ලබයි. ඇවැත්නි, යම් කනක් හා ශබ්ද ඇද්ද, ....... ඇවැත්නි, යම් නැහැයක් හා ගඳ සුවඳ ඇද්ද ......... ඇවැත්නි , යම් දිවක් හා රස ඇද්ද...... ඇවැත්නි, යම් කයක් හා ස්පර්ශ කළ හැකි දෑ ඇද්ද ....... ඇවැත්නි, යම් මනසක් හා ධර්මාරම්මණ ඇද්ද, මේ දෙකම එළැඹුණු දේය. මේ දෙක එළැඹුණු කල්හි විඥානය ඡන්දරාගයෙන් බැඳුණේ වේද, විඥානය ඡන්දරාගයෙන් බැඳුණෙන් එහි වෙසෙසින් සතුටුවෙයි. එහි වෙසෙසින් සතුටු වන්නේ එළැඹුණු දේ වෙතට අදිනු ලබයි. මෙසේ ය. ඇවැත්නි, එළැඹුණු දේ වෙතට අදිනු ලබන්නේ.“ කෙසේ ද ඇවැත්නි එළැඹුණු දේ වෙතට නො අදිනු ලබන්නේ ? ඇවැත්නි, යම් ඇසක් වේ ද, යම් රූපයෝ වෙත් ද, මේ දෙක ම එළැඹුණු දේ ය. මේ දෙක එළැඹුණු කල්හි විඥානය ඡන්දරාගයෙන් නො බැඳුණේ වේ ද, විඥානය ඡන්දරාගයෙන් නොබැඳුණෙන් එහි වෙසෙසින් සතුටු නොවෙයි. එහි වෙසෙසින් සතුටු නොවන්නේ එළැඹුණු දේ වෙතට නො අදිනු ලබයි. ඇවැත්නි, යම් කණක් හා ශබ්ද ඇද්ද ...... අවැත්නි, යම් නැහැයක් හා ගඳ සුවඳ ඇද්ද .... ඇවැත්නි, යම් දිවක් හා රස ඇද්ද.....
"ඇවැත්නි, යම් කයක් හා ස්පර්ශකළ හැකි දෑ ඇද්ද .....
ඇවැත්නි, යම් මනසක් හා ධර්මාරම්මණ ඇද්ද,
මේ දෙක එළඹුණු දේ ය, මේ දෙක එළැඹුණු කල්හි විඥානය ඡන්දරාගයෙන් නො බැඳුනෙන් එහි වෙසෙසින් සතුටු නො වෙයි.
එහි වෙසෙසින් සතුටු නොවන්නේ එළැඹුණු දේ වෙතට නො අඳිනු ලබයි. මෙසේය, ඇවැත්නි, එළැඹුණු දේ වෙතට නොඅදිනු ලබන්නේ.“
ඇවැත්නි අපගේ භාග්‍යවතුන් වහන්සේ යම් උද්දේශයක් සැකෙවින් උදෙසා විස්තර වශයෙන් අර්ථය විභාග නො කොට විහාරයට පිවිසිසේක් ද:මහණ හුදෙකලාවෙ පරම - ඇලුතැයි පවසයි මුනිතෙම “
“ ඇවැත්නි, මෙම, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද, විස්තර වශයෙන් විභාග නොකරන ලද මේ උද්දේසයෙහි අර්ථය මෙසේ විස්තර වශයෙන් දැනගනිමි” .
44. දොළොස් ආයතන ධර්මයන් ඇසුරින් කැරුණු මේ විස්තර විභාගය අනතුරුව බුදුන් වහන්සේ විසින් ද පැසසුම් සහිත ව සම්මත කරන ලද්දේ එය තමන් වහන්සේ පඤ්චස්කන්ධය ඇසුරින් ඉදිරිපත් කළ විවරණයට පටහැණි නොවන නිසා ය.
කටුකුරුන්දේ ඤණානන්ද හිමි